මරණ තර්ජන කළේ නෑ… කියන්න ඕන දේ කිවුවා… මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර…

gemunu-walisundara

මම ඔය කියන අස්ගිරි මහනායකහාමුදුරුවන්ගේ ලේකම්වරයා යැයි කියන සුනිල් රඹුක්පොත යන  අයට කරුණු පැහැදිලි කරලා දුන්නා තමයි. නමුත් මරණ තර්ජන කලේ නැහැ. මරණ තර්ජනය කරන්න තරම් මම පහතට වැටිලා නැහැ.

හොඳින් අහන්න…  මම සුනිල්  රඹුක්පොත ට කරුණු පැහැදිලි කර දුන්නා. මේ පෙරහර විකාශනයේ නිවේදන කටයුතු කරද්දි හරියට විස්තර රටට ලෝකයට කියන්න උවමනායි. ඇසළ පෙරහර විකාශය කියන්කේ සුළු පටු දෙයක් නෙවෙයි. ලෝකයම ඇස් ඇරගෙන බලා ඉන්න දෙයක්. පේන දේ තහවුරු කරන්න නම් කණට ඇහෙන්න නිළමේවරුන්ගේ පාරම්පරික තොරතුර අලි ඇත් ඉතිහාසය වගේම නර්තන කණ්ඩායම්වල වැදගත් සියළුම තොරතුරු කියන්න අවශ්‍යයයි.

මොකද නිවේදනය කියන කාරණය පහසුවෙන් කල හැකි දෙයක් නෙවෙයි ඒකට හොද පරිචයක් තියෙන්න අවශ්‍යයි.


අවස්ථා කිහිපයකදිම මේ පුද්ගලයා විශේෂයෙන්ම කතරගම දේවාලයේ තොරතුරු හරිහැටි නොකරන නිසාම මෙවර මම ගිහින් කිව්වා මේ වැඩේ හරියට කරනවා නම් කරන්න . අඩුපාඩු ඇතිව කළාම අපට ප්‍රබල ගැටලු ඇතිවෙනවා කියලා.

උදාහරණයක් තමයි, කතරගම දේවාලයේ දේවාභරණ සහිත රන්සිවිගේ වැඩම කරන්නේ හෙයියන්තුඩුවේ ටියුඩර් ගුණසේකර මහත්තයාගේ ඇතා. ඇතා පෙරහරේ ගමන්කරද්දි නිවේදනය කරනවා දිවංගත ටියුඩර් ගුණසේකර කියලා. මේක විශාල ප්‍රශ්නයක් වුණා.

ඒ විතරක් නෙවෙයි අලි ඇතුන් භාර අලි හාම්පුත්තු ගැන විස්තර හරියට කියන්නේම නැහැ. මේ ප්‍රශ්න නිසා ඊලඟ පෙරහරට අලි ඇත්තු ලැබෙන්නේ නැහැ. බස්නායක නිළමේවරු ගැන වුවත් එහෙමයි. පරම්පරාව සමග නම කියන්නේ නැහැ. නමුත් මම මගේ පුතාගේ නම කීව්වේ නෑ කියලා බනින්න ගියේ නැහැ.

ඉස්සර රූපවාහිනි නාලිකාවලින් පෙරහර ප්‍රචාරය කරද්දි මෙහෙම ප්‍රශ්න නැහැ. ඒ අය හොඳට තොරතුරු හොයලා කියනවා. කලින් වසර වලදිත් අඩුපාඩු ඇතිව නිවේදනය කරපු නිසා මේ වසරේ කතරගම දේවාලයේ සියළු තොරතුරු පැහැදිලිව ලියලා පෙළගස්වලා දුන්නා. ඒ දීපු එකවත් මේ මනුස්සයා හරියට කලේ නැහැ. මේ සම්බන්ධයෙන් මම දියවඩන නිළමේවරයාටත් මාළිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂකටත් කිව්වා.

එදා වුණත් බලන්න අලි කුලප්පුව කියලා කලින් පෙරහරක් දාලා සම්පූර්ණ විකෘතියක් කළා. ඇත්ත රටට කීවා නම් මොකද ?. අලි කුලප්පුවක් කියන්නේ අමුතු දෙයක් නෙවෙයි. හැම පෙරහරකම අලි කුලප්පු වෙනවා. මෙතන ජීවිත හානි වුණේ නෑනේ.

අනික අපි පැය භාගයකින් පෙරහර යථා තත්ත්වයට ගෙනාවා. අර කරපු වැඩෙන් මිනිස්සු හිතුවේ කතරගම දේවාලයේ පෙරහර කරන්න බැරි වුණා කියලා. මේවා විහින් මවා ගන්නා ප්‍රශ්න.

සුනිල් රඹුක්පොත ඔය කියන මරණ තර්ජන කතාවත් ඒ වගෙ දෙයක් තමයි.   කොහෙදෝ යන ඇබිත්තයෙක් ඇවිත් නොදන්න වැඩ ක් බඩබැදගෙන කරන්න ගත්තාම තමන්ගේ නොහැකියාව ලෝකයටම පේනවා . මේ වෙලා තියෙන්නේ ඒක.

දේවාල තිස් එකකින් මම විතරයි අසාධාරණයට කතා කරන්නේ මම නිසා මට හැමෝම ඇගිල්ල දික් කරනවා. අනිත් හැමෝම බලය ආරක්ෂා කරගන්න කට වහගෙන ඉන්නවා. මේවා අපි අරගෙන යන්නේ නැහැ. ඉන්න කල් කරන වැඩ විතරයි ඉදිරියට පවතින්නේ. අපි මේ සම්ප්‍රදායන් චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරලා ගියොත් අනාගතයට ඉතිරි වේවි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෙරහරක් කියන්නේ නීතියක් නෙවෙයි රීතියක්… ඒකවත් හරියට දන්නේ නැති අය එක්ක මොන කතාද?

Exit mobile version