මයික්‍රෝ   පිස්තොලයක් මැගසින් 01 සහ උණ්ඩ සමග රත්ගම ව්‍යාපාරිකයෙක් අත් අඩංගුවට…

ලලිත් චාමින්ද –

මයික්‍රෝ වර්ගයේ පිස්තොලයක්, මැගසින් 01ක් උණ්ඩ 07ක් සමග  ව්‍යාපාරිකයෙක් රත්ගම කපුමුල්ල ප්‍රදේශයේ දි  ඊයේ (12) පස්වරුවේ දි අත්අඩංගුවට ගත්බැව් විශේෂකාර්ය බලකා විශේෂ මුලස්ථාන මෙහෙයුම් ඒකකය  පවසයි.

මෙම ව්‍යාපාරිකයාගේ අලුතින් ඉදිකරගෙන යන නිවසේ පිටුපස වළදමා තිබියදී මෙම   මයික්‍රෝ පිස්තොලය  මැගසිනය හා උණ්ඩ සෙයාගෙන ඇත.  අත්අඩංගුවට ගත් සැකකරු  බස්රථ ව්‍යාපාරිකයෙක් මෙන්ම ධීවර බෝට්ටු හිමි අයෙකු බව විශේෂකාර්ය බලකා මෙහෙයුම් ඒකකය පවසයි. අත් අඩංගුවට ගත් සැකකරුට මිට පෙර වෙඩි වැදී ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි. මොහු රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂකාර්ය බලකා විශේෂ මුලස්ථාන මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට  අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර  මොහු වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා රත්ගම පොලිසියට  භාර දී ඇත. සැකකරු අද (13) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. විශේෂ කාර්ය බලකයේ අණදෙණ නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර රත්නපිටිය, සහකාර පොලිස් අධිකාරී ටි.පි.යු  කොඩිතුවක්කු, උපදෙස් මත විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  ඒ.එච්.එම්  මනෝහර ඇතුළු නිලධාරින්  කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. 


 

Exit mobile version