“මම යකඩ ගැහැනියක්”

“මේ කිරුළ මගේ නෙවෙයි. ලංකාවේ ගොඩක් දුක් විඳින දරුවො එක්ක තනිවුණ සියලුම මවුවරුන්ගේ” බව පසුගියදා ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අහිමි වී අද යළි කිරුළු පැළැන්ඳූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසයි.

සංවිධායක කමිටුව ඇයට කිරුළ ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ දික්කසාද කාන්තාවකට වුවද ලෝක විවාහක රූ රැජින රැජින තරගයට සහභාගි වීමට රැජින තරගයට සහභාගිවීමට තමාගෙන් පසු අවස්ථාව සැලසීමට තමා කටයුතු කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ,


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මගේ ජීවිතේ මට වැරදුන තැන් ගොඩක් තියෙනවා. හැබැයි ඒ වැටුණු හැම තැනකදීම මට ශක්තියක් වුණේ මගේ අම්මා තාත්තා ඒවාගේම මගේ අක්කා. මගේ දරුවාව හදන්න මම කරන කැපකිරීම, කවුරු මගේ ජීවිතේ හිටියාත් තැතත් මගේ ජීවිතේ මම ගෙනියනවා මගේ දරුවා නිසා. මගේ අම්මා තාත්තා නිසා. මම යකඩ ගැහැණියෙක්. මම වැටෙනවානම් මීට අවුරුදු 3කට 4කට කලින් ඒ වැටුණ තැනදී තමයි මම වැටෙන්නේ මේ කිරුළ ගන්න මට ලොකුම බලාපොරෙත්තු වුණේ. මම වගේ දරුවෙකු එකක් තනි වුණ සින්ගල් මාම්. ඒවාගේ ගැහැනු ලංකාවේ ගොඩක් දුක්විඳිනවා. මේ කිරුළ මගේ නෙමෙයි ඒ අයගේ මම හිතන්නේ මේ කිරුළෙන් ඒ අයගේ අනාගතය එළිය කරන්න පුළුවන්නම් ඒක තමයි මගේ සතුට. මම ඩිවෝස් නැහැ. තවමත් මම විවාහකයි. අනිවාර්යෙන් මගෙන් පස්සේ වර්ල්ඩ් පැජන්ඩ් එකකට ඩිවෝස් වුණ කෙනෙකුට මේ වගේ තරඟයකට සහභාගී වෙන්න පුළුවන් වෙන්නට කියන තැන මම හදනවා. 

Exit mobile version