“මම එදා කිව්ව දේ ආණ්ඩුව කළා නම් මෙච්චර කොවිඩ් මරණ නෑ”- සජිත්

තමන් එදා කී දේ ආණ්ඩුව හරියට ඉටු කළා නම් කොරෝනා ආසාදිතයින් පවා මෙතරම් මිය යන්නේ නැති බවත්, මොවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ඉඩ තිබුණ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) පැවසීය.

කොරෝනා උවදුරද ඉන් පසුවද එන්නට නියමිත අවදානම් උවදුරු පිළිබද සියල්ලට පෙරාතුව රටට කීවේ තමන් ඇතුළු සමගි ජන බලවේගය බව හෙතෙම සඳහන් කළේය.

නමුත් ආණ්ඩුව කළේ ඒ කිසිවක් මායිම් නොකර සිටීම බවත් ඒ නොසලකා හැරීමේ ප්‍රතිඵල අද මුළු රටම භුක්ති විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


ආණ්ඩු බලය අතේ තියාගෙන ආණ්ඩුව නොකරන දේ, ආණ්ඩු බලයක් නැති සමගි ජන බලවේගය ඉටු කරන බව පැවසූ විපක්ෂ නායකවරයා සමගි ජන බලවේගයෙන් හුස්මක් සහ සක්වල වැඩසටහන ඊට කදිම උදාහරණ යැයිද පැවසීය.

රට ගොඩනගන වැඩපිළිවෙළත්, ඒ සඳහා වූ දැක්මත් සමගි ජන බලවේගය සතු බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා වංචාව දූෂණය මර්දනය මර්ධනය සහ තර්ජනයෙන් තොර ජනතාවාදී ජනහිතකාමී ආණ්ඩුවක් පිහිටුවීමට සමගි ජන බලවේගය එක් වන ලෙස ද විපක්ෂ නායකවරයා ජනතාවට ආරාධනා කළේය.

මාතර හක්මන ඌරුබොක්ක ප්‍රදේශයේ අද (23) සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් පැවති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එම අවස්ථාවට එක්විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්තමාන පාලනය යටතේ රට ජනතාවක් බලවත් ව්‍යසනයට ලක්ව ඇති බවත් මීට ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය වගකිව යුතු බවත් විරෝධතාකරුවන් පැවසූහ.

Exit mobile version