මනුෂ සහ හරීන් සජබෙන් ඉවතට….

හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර නිවේදනය කළේය.

ඇමතිකම් ලබා නොගෙන ආණ්ඩුවේ යහපත් තීරණ සඳහා පමණක් උදව් කරන බවට වූ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිමය තීන්දුවව කඩ කරමින්  මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේත් හරීන් ප්‍රනාන්දු සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේත් අද (20) උදෑසන දිවුරුම් දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හරීන් ප්‍රනාන්දු ඇමති ධුරය භාර ගැනීමේන් අනතුරුව ප්‍රකාශ කළේ තමන්ට පක්ෂයක් නැතත් ගෙදර හෝ යා හැකි බවය. යන්න කව්වට යන්නේත් නැති ජනපති රට විනාශයට පත් කරන තුරු බලා නොඉඳ මකර කටට හෝ යන්නට තීන්දු කළේ සිය වගකීම ඉටු කිරීම සඳහා බව ද ඔහු කීවේය.

Exit mobile version