මනාප පොර කුකුල්ලු නිල වශයෙන් දෙන්නත් කලින් අංකේ අරන් වැඩ

ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ කරන අපේක්ෂකයින්ගේ මනාප අංක මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර බොහෝ අපේක්ෂකයින් මේ වන විට තමාගේ අංකය ලබාගෙන ඇත.

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන ඇතැම් අපේක්ෂකයින් තම අංකය මේ වන විටත් ප්‍රදර්ශනය කරමින් තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ.

පිරිසකට පමණක් මෙලෙස මනාප අංක ලබාගෙන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමට ඉඩ සැලසීම තුළින් සෙසු අපේක්ෂකයින්ට බලවත් අසාධාරණයක් සිදුවන බව මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වල මතය වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ලංකාසර විමසා සිටි අවස්ථාවේ එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ මෙලෙස අංක නිකුත් කිරීමට පෙර ඇතැම් අපේක්ෂකයින් තමන්ගේ අංක ලබාගැනීම මැතිවරණ කොමිසමට ද ප්‍රශ්නයක් වී ඇති බවත් ඒ පිළිබඳව කොමිසම් දැඩි අවධානය යොමුව ඇති බවත් ය.

Exit mobile version