මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝෂප් ස්වර්ගස්ථ වෙයි

දිනසේන රතුගමගේ

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ 1 දා උදෑසන 6.30 ට පමණ යාපනයේදී ස්වර්ගස්ථ වූ බව යාපනය රදගුරු නිවස නිවේදනය කළේය.

යාපනයේ පිහිටි කතෝලික පූජකවරු සුරක්ෂිත කිරිමේ මධ්‍යස්ථානයකදී උන්වහන්සේ ස්වර්ගස්ත වු අතර මේ වන විට උන් වහන්සේගේ වයස අවුරුදු 80 කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රායප්පු ජෝෂප් හිමිපාණෝ මන්නාරමේ ජනතාවට විශාල සේවයක් සිදු කළ ආගමික නායකයෙකු නිසා උන්වහන්සේගේ දේහය මන්නාරමට රැගෙන විත් මන්නාරමේදී ආදාහනය කළ යුතු බවට මන්නාරමේ කිතුණු පූජකවරුන්ගෙන් හා ජනතාවගෙන් විශාල ඉල්ලීමක් ඇති නිසා ඒ පිළිබදව අවසන් තීරණයක් ගැනීම සදහා විශේෂ සාකච්ඡාවන් දෙකක් මන්නාරමේදී හා යාපනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

Exit mobile version