මන්නාරමේ සඟවී සිටි පෑළියගොඩ මාළු වෙළෙන්දාට කොරෝනා…

දිනසේන රතුගමගේ –

පෑලියගොඩ මාළුන් වෙළද සැලේ සිට මන්නාරමට පැමිණ සැගවී සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණයේදී ඔහුට කොරෝනා රෝගය වැළදී ඇති බව 26 දා තහවුරු කරගෙන තිබේ.

මන්නාරම  දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී.විනෝදන් මහතා පැවසුවේ ඔහු මන්නාරමේ පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයට පැමිණ  ඥාති නිවසක සැග වී සිටි බවයි.

නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඔහුව අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමෙන් පසුව ඔහු කොරෝනා රෝගියෙකු වූ බැවින් ඔහුව කන්දකාඩූ කොරෝනා ප්‍රතිකාර රෝහල වෙත යවා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෑලියගොඩ සිට පැමිණ මාලු වෙළෙන්දා සැගවී සිටි නිවසේ උදවියද පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කොට ඔවුන්ව ඔවුන්ගේ නිවස තුළම නිරෝධානය කිරීමට මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

Exit mobile version