මන්නාරමේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

දිනසේන රතුගමගේ

මන්නාරම දිස්ත්‍රික්කයෙන් පලමු කොරෝනා මරණය 19 දා සවස වාර්තා වූ බව මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර්.විනෝදන් මහතා පැවසීය.

මන්නාරමේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකුට පසුගිය දෙසැම්බර් 30 දා කොරෝනා රෝගය වැළදී ඇති අතර ඔහු රෝහල් ගත කොට ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මියගිය පුද්ගලයාගේ මළ සිරුර එදිනම ආදහනය කිරීමට මන්නාරමේ කොරෝනා මර්දන කමිටුව තීරණය කොට තිබේ.

Exit mobile version