මන්නාරමේ ධීවර වාඩි 150ක් විනාසයි… බොට්ටු 65ක් සුළඟට ගිහින්…

දිනසේන රතුගමගේ –

බුරවි සුළි කුණාටුව ක්‍රමයෙන් මන්නාරම දෙසට හමා යාමත් සමගම මන්නාරම පේසාලේ ධීවර වරායේ නවතා තිබූ බෝට්ටු 65 ක් පමණ එම සුළගට හසු වී අද ( 03) උදෑසන ගසා ගෙන ගොස් ඇතැයි මන්නාරම එක්සත් ධීවර සංගමය ප්‍රකාශ කළේය.

මෙසේ ගසා ගෙන ගිය ධීවර බෝට්ටු ගල්පර වලහා එම බෝට්ටු එකිනෙක ගැටී බෝට්ටු විශාල ප්‍රමාණයක් විනාශයට පත් වී ඇති බවද ධීවර සංගමය සදහන් කරයි.

පේසාලේ හා මන්නාරමේ ධීවර වාඩි 150 කට වඩා වැඩි සංඛ්‍යාවක්  සුළගට හසු වී ඒවා මුහුදට ගසා ගෙන ගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පේසාලේ ධීවර ජනතාව විසින් වන්දනා මාන කළ දේවස්ථානයක්ද සුළි සුළගට හසු වී විනාශ වී ඇති අතර එහි කොටස් කීපයක්ම මුහුදට ගසා ගෙන ගොස් තිබේ.

Exit mobile version