මන්නාරම් ධීවරයින් තිදෙනෙකුට මුහුද මැදදී ගුටි මුරයක්

දිනසේන රතුගමගේ:

මන්නාරමෙන් මුහුදු ගිය ධීවරයින් තුන් දෙනෙකුට මුහුද මැදදී කිසියම් පිරිසක් විසින් පහර දීම නිසා ධීවරයින් තුන් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් බරපතල ලෙස තුවාල ලැබූ ධීවරයා 21 දා මන්නාරම රෝහලට ඇතුළත් කොට තිබේ.

මේ පහරදීමට විරෝධය පලකිරීමක් වශයෙන් මන්නාරමේ ධීවරයෝ 21 දා මුහුදු යාමෙන් වැළකී ධීවර වරාය අසල විරෝධතාවයක නිරත වූහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මසුන් මැරීම සදහා මුහුදු ගිය නිරායුධ ධීවරයින්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවරයින්ට කිසිවක් කළ නොහැකි නිසා වහාම මේ පිළිබදව ක්‍රියා කරණ ලෙසත් ධීවරයින්ට පහර දුන් පිරිස අත් අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලමින් මන්නාරමේ ධීවරයෝ මේ විරෝධතාවය පවත්වා ඒ පිළිබදව ඉල්ලීමක් ඇතුළත් ලිපියක් මන්නාරමේ නාවික හමුදා නිලධාරීන්ට පොලීසියට හා දිසාපති කාර්යාලයට බාර දී තිබේ.

Exit mobile version