මන්ත්‍රී වැටුප ලක්ෂ 300 බැංකු ණයට… ජීවත් වෙන්නෙ බිරියගෙ මුදලින්… එස්.බී.ගේ කොවිඩ් අඳෝනාව!

කොවිඩ් කියන සුළු ලෙඩේට අරමුදල් හදන්න දෙන්න වැටුප ඉතිරි නෑ... ගොවිතැනින් දිවි ගෙවන බව කියන එස්.බී කියයි..

SB

තමන්ද බැංකුවලට ලක්ෂ 300ක් ණය වී ඇති බැවින් පාර්ලිමේන්තු වැටුප සම්පූර්ණයෙන් බැංකුවලට ණය ගෙවීමට වැය වන නිසා බිරිඳගේ වැටුපෙන් ජීවත් වන්නට සිදුව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී දසානායක  පවසයි.

මේ නිසා තමන්ටද කොවිඩ් අරමුදලට බැර කිරීමට වැටුපෙන් මුදලක් ඉතිරි නොවන නමුත් කොහෙන් හෝ මුදල් ටිකක් සොයා දිය යුතුව ඇති බවත් අද පැවසුවේ නෙළුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැන් කටයුතු බවද සඳහන් කළ එස්.බී දිසානායක තමන්ටද මේ දිනවල අමාරුවෙන් ජීවත් වන බවද ඔහු සඳහන් කළේය.


එස්.බී දිසානායක මහතා මාද්‍ය හමුවේදී කොවිඩ් රෝගය සම්බන්ධයෙන් ජනතාව තුළ අනවශ්‍ය ලෙස මරණ බයක් ඇති නොකරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ එස්.බී දිසානායක මහතා

“ ශ්‍රි ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගෙන් මිය යන්නේ සියයට 1.9ක් විතර. ඔවුන් අතරින්ද සියයට 91ක්ම කිසිදු එන්නතක් ලබා නොගත් අය බවට වෛද්‍යවරුන් අනාවරණය කරගෙන තිබෙනවා. ලෝකයේ මරණ සැලකීමේදීත් පිළිකා, හෘදයාබාධ සහ දියවැඩියාව නිසා සිදුවන මරණ කොවාඩ් මරණවලට වඩා වැඩියි.

ලෝක සංඛ්‍යාලේඛණ අනුව පැහැදිළියි කොවිඩ් හැදෙන සියයට 81ක් කිසිදු රෝග ලක්ෂණයක් නැතිව හොඳ වෙනවා. පී.සී.ආර් කළොත් සියයට 40ක් විතර පොසිටිව්. සියයට 14ක් සුළු රෝග ලක්ෂණ. පොඩි හිසරදයක් කැස්සක්. සියයට 3ක් හොඳ වෙලා ගෙදර යනවා. ලංකා ඉතිහාසයේ භයානකම අවස්ථාවට පැමිණ තිබෙනවා. අද තත්ත්වයට ගලපලා බැලුවොත් අද දවස වනවිට අපේ රටේ සියයට 1.9ක් මරණයට පත්වෙනවා.

මේ වගේ වසංගත දිහා බැලුවොත් ඒ වසංගත වල තත්ත්වය කොවිඩ්වලට වඩා ඉතා භයානකයි. මගේ ළඟ ලේඛනයක් තිබෙනවා ලෝක සෞක්‍ය සංවිධානය රොයිටර් සහ එන්.පීආර් පුවත් සේවය සකස් ඛල වාර්තාවකට අනුව කොවිඩ් වලට වඩා ලොක්යේ පිළිකා , හෘදයාබාද සහ දියවැඩියාව නිසා මිය යනවා.

මේ රෝගයෙන් අපට වැළකෙන්න කුම කිබෙනවා. ඒ වගේම එන්නත්කරණය දැන් වේගවත්ව සිදු කරනවා. එන්නත් නිසි ආකාරයෙන් ලබා ගත හොත් මේ මරණ ප්‍රතිශතය සියයට දශම 4කට අඩුවෙනව කියල වෛද්‍යවරුන් කියනවා. ඒ නිසා එන්නත හරියට ලබා ගත යුතුයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ නිසා අනවශ්‍ය ලෙස මරණ බය ඇති කරන්න එපා. මැරෙනවා කියල හිතුවොත් මැරෙනවා.

Exit mobile version