මන්ත්‍රීලාට ප්‍රාඩෝ ගේන්න කැබිනට් අනුමැතියට කලින්ම “එල්සී“ එකත් විවෘත කරලා !

රජය හදිසි අවශ්‍යතාවක් ලෙස සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් සුඛෝපභෝගී ටොයොටා ප්‍රාඩෝ ජීප් රථ ගෙන්වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළද ලංකා බැංකුව හරහා මීට අදාල ණයවර ලිපිය මීට සති තුනකට පමණ පෙරද විවෘත කිරීමට කටයතු කර ඇති බව අනාවරණය වේ.

කැබිනට් අනුමැතිය ලැබීමටත් පෙර එම ණයවර ලිපිය විවෘත කිරීමට කටයුතු කර ඇති අතර ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ඊට අදාල පත්‍රිකාව ඉදිරිපත්ව ඇත්තේ එම ගනුදෙනුව සඳහා අවශ්‍ය ආවරණ අනුමැතිය සඳහා පමණක් බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මහජන මුදල් රුලියල් කෝටි 243ක් වියදම් කරමින් ටොයොටා ප්‍රාඩෝ ලෑන්ඩ් කෘෂර් ජීප් රථ 228ක් ගෙන්වීමට පියවර ගෙන තිබුණේ මෙම වසරේදී තීරු බදු රහිත වාහන බලපත්‍රය වෙනුවට සෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුටම එම ජීප් රථයක් ලබා දිමට බව සඳහන් වේ.


කෙසේ වුවද වාහන ආනයන සම්බන්ධ යෝජනාව ඊයේ කැබිනට් මන්ඩලයේදී ඉදිරිපත් වූ අවස්ථාවේදී එය පසුව සලකා බලන තෙක් අත්හිටුවීම සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් වීම හේතුවෙන් එම යෝජනාව යටපත් විය.

මෙම වාහන 228 සමඟ ටොයොටා හයිලක්ස් ඩබල් කැබ් රථ 52ක්ද හයිඒස් ගිලන් රථ 50ක් සහ හිනෝ වර්ගයේ ලොරි චැසි 51ක්ද ආනයනය කිරීමට කටයුතු යොදා ඇති අතර විවෘත කරන ලද ණයවර ලිපියෙහි වටිනාකම රුලියල් බිලියන 3.7ක් බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙම ගිලන් රථ, කැබ්රථ සහ ලොරි චැසි ආනයනය සඳහා වෙනම යෝජනාවක් ලෙස ඉදිරියේදී එම වාහන අනයනය සඳහා පියවර ගැනෙනු ඇති බවද ලංකාසර ට කරුනු හෙළි කළ ආරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version