මන්ත්‍රී ධූරය අහෝසි කර ඩයනා ගෙදර යවයි ද?. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද!

Dayana-Gamage

ද්වී පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විභාගයට ගත්,  රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ  ගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

පෙත්සම් කාර සමාජ ක්‍රියාධර ඕෂල හේරත් සිය පෙත්සමින් කරුණු  ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේ   ඩයනා ගමගේ  බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බවත්,  බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඩයනා ගමගේ මන්ත්‍රීවරියට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීමට ඉඩක් නැති බවත්ය  .

එබැවින් ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස  පෙත්සම්කරු ඉල්ලා සිටියේය.

පෙත්සමින්  ආගමන විගමන පාලකවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද එම නඩුවේ  තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Exit mobile version