මනම්පිටිය මහවැලි ගඟෙන් හමු වුණේ පෞරාණික මැටි කල දෙකක්..!

මනම්පිටිය නිමල් ජයරත්න

මනම්පිටිය මහවැලි ගඟේ මැද වැලි කැණීම් කරමින් සිටි කම්කරුවන් කීපදෙනෙකුට හමු වූ මැටි කළ දෙක පුරාවිද්‍යා වටිනා වටිනාකමකින් යුත් කල දෙකක් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ එම්. ජී රත්නපාල සඳහන් කළේය.

හමු වු පුරාවිද්‍යා වටිනාකමකින් යුත් එම කළ දෙක, පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදුකර එහි වාර්තාවක් දෙසතියක් තුළ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැවීමට කටයුතු කරන බවත් එම කල දෙක නඩු භාණ්ඩ වශයෙන්, පොලොන්නරුව වනජීවී කාර්යාලය මගින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන අතර ඒ පිළිබඳ මූලික වාර්තාවක් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා වෙත යවා ඇති බවද අප කළ විමසීමකදී රත්නපාල මහතා වැඩිදුරටත් කීය.

මනම්පිටිය මහවැලි ගඟ මැද තිබී හමු වූ මෙම ඉපැරණි මැටි කල දෙක සතියකට ආසන්න කාලයක් වැලි ගොඩදමන පෞද්ගලික සමාගම තබා ගැනීමෙන් පසු පොලොන්නරුව වනජීවි කාර්යාලයට භාර දීමට කටයුතු කර තිබිණි,

අප ඒ පිළිබඳ පොලොන්න්රුව අඩවි සහකාර ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු පවසා සිටියේ එම කල දෙක පුරාවිද්‍යා වටිනා වටිනාකම්ක් නැති කළ දෙකක් බවත් ඒවා සාමාන්‍ය මිනිසුන් භාවිතා කළ කල දෙකක් හෝ කිසියම් කෙනකු හෝ පුද්ගලයන් පිරිසක් මිනී අළු දමා මහවැලි ගඟට විසි කර ඇති බවට සැක කරන බවයි.


එම මැටි කල දෙක ඡායාරූප ගැනීමටද අප අවස්ථා ඉල්ලා සිටියද ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා එය ප්‍රතික්ෂේප කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මනම්පිටිය මහවැලි ගඟේ මැද කැණීම් කටයුතු කිරීම පරිසර හා වනජීවි පනත අනුව නීති විරෝධී කටයුත්තක් බවත්, කිසිදු කමිටුවකින් මනම්පිටිය මහවැලි ගඟ මැද වැලි කැණීම් කිරීමට අවසර ලබාදී නොමැති පසුබිමක පුරාවිද්‍යා වටිනා වටිනාකමකින් යුත් ප්‍රදේශ කැණීම් කිරීම බරපතළ වරදක් හා දඩුවම් ලැබිය යුතු වරදක් බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර ඊට දැඩි නීතිමය පියවර ගන්නා ලෙසත්, වැලි කැණීම් කරන්නන්ට එරෙහිව දඬුවම් ලබාදෙන ලෙසද අප වනජීවී නිලධාරීන්ගේ වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති කුමාරසිරි විජයකෝන් මහතාගෙන් කළ විමසීමකදී පැවසීය.
දින කිහිපයක් මනම්පිටිය පෞද්ගලික වැලි සමාගම එම කළ දෙක ඔවුන් සතුව තබා ගැනීම සම්බන්ධයෙන් තමාව වනජීවී නිලධාරීන් දැන් දැනුවත් නොකළ බවත්, එම කළ දෙක නඩු භාණ්ඩ ලෙස පෙන්වීමට කටයුතු පොලොන්නරුව වනජීවී නිලධාරීන් බවත් නඩු තීන්දුව අනුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීමට කටයුතු කරන බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් සහකාර අධ්‍යක්ෂ එම්. ජී. රත්නපාල මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.

 

Exit mobile version