මනම්පිටිය බිය ගන්වමින් අද මහදවල් ගම් වැදුණු වන අලියා…

මනම්පිටිය නිමල් ජයරත්න –  

මනම්පිටි‍ය වෙල්යායකට  අද ( 11 ) උදෑසන 9 පමණ කඩා වැදී සිටි වන අලියක් පලවා හැරීමට යෑමේ දී  අලියා රක්ෂිතයට යනු වෙනුවට ගම්මානයට කඩා වැදීම නිසා ප්‍රදේශයේ දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.

අලියා ගම් වැදීමත්  සමග ගමේ පාසලේ දරුවන් දැඩි ලෙස තැතිගෙන සිටි අතර  ගම්මු හිස් ලූ ලූ අත දුවන්නට වූහ.

අද  අලුයම දෙකට පමණ වන අලි තිදෙනෙකු වෙල් යායට පැමිණ ඇති අතර ගොවීන් එම අලින්ගෙන්  දෙදෙනෙකු පන්නා දැමූ නමුත්, එක් වන අලියෙක්    උදෑසන 9  වන විටත්   වෙල්යායේ කුඹුරු කිහිපයක පැළ ගොයම කමින් සිටියේය.


මනම්පිටිය වනජීවි කාර්යාලය නිලධාරීන් පිරිසක් පැමිණ  එම අලියා රක්ෂිතයට පන්නා දැමීමට උත්සාහ කලත් ඌ නැගෙනහිර මනම්පිටිය ගම්මානයට කඩා වැදුණි.

නිශ්ශංකමල්ල පුර ප්‍රාථමික විද්‍යාලය හරහා එම අලියා ගමන් කිරීමත් සමඟ පාසල් දරුවන් ද දැඩි කළ කලබලයට   පත්වූ අතර අනතුරුව එම දරුවන් විද්‍යාලයේ  විදුහල්පතිවරිය හා ගුරුවරුන් දරුවන්  ආරක්ෂාකාරීව ශාලාවලට ඇතුළත් කරගැනීමට කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව ගම්වාසීන් සහ වනජීවී නිලධාරීහු පැය 2කට  වැඩි කාලයක් ගත් උත්සාහයකින් අනතුරුව ඌ  කරපොල රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළහ,

Exit mobile version