මධුෂ්ගෙන් මරණයෙන් ලැසී තිගැස්සේ… ජිවිතාරක්ෂාව ඉල්ලා පෙත්සමක් ගොනු කරයි..

Podi-Lesi

පොඩි ලැසී ගාල්ල උසාවියට පැමිණෙන අයුරු

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාකඳුරේ මධුෂ්ගේ ආන්දෝලනාත්මක ඝාතන සිද්ධියෙන් පසු මේ වනවිට  භාරයේ සිටින සංවිධානත්මක අපරාධ කල්ලි  නායකයෙකු වූ ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසී නැමැත්තා තමාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමට නියෝගයක් බන්ධනාගාර නිලධාරීන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ස්වකීය නීතිඥයන් මාර්ගයෙන් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකාර පාර්ශවයන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට නම් කර ඇති බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කිරීමට කළේය.
මෙම පෙත්සම නැවත නොවැම්බර් මස 10 වනදා කැඳවීමට නියමිතය.  පොඩි ලැසී අවසාන වරට අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන් වළලියදැද්ද අධිකරණය හමුවෙ පැවසුවේ තම සේවාදායකයා ගේ  ජීවිතයට හානියක් වුවහොත් ඊට පොලිසිය වගකිව යුතු බවය. 
කෙසේ වෙතත් මේ වනවිට තිගැස්සී සිටින පොඩි ලැසී  පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය  හා  සම්බන්ධ මත්කුඩු ජාලයේ බොහෝ තොරතුරු හෙළි දරව් කරමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ තොරතුරු ඔස්සේ විශේෂ පරීක්ෂණ ඇරඹීමට ඉදිරි දින කීපය තුළ කටයුතු කරන බව එම ආරංචි මාර්ග තව දුරටත් තහවුරු කරයි.  

 

Exit mobile version