මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළුව රේස් ගිය තරුණයන් දෙදෙනා මරුට…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද රාත්‍රී 7ට පමණ ඉඳිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වු යතුරුපැදිකරුවෙක් හා මොටර්රථකරුවෙක් අධික වේගයෙන් රිය ධාවනය කිරීමට ගොස් වාහන දෙක එකිනෙක ගැටීම නිසා යතුරුපැදියේ ගමන් කළ තරුණයන් දෙදෙනා එතැනම මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල 59වන කිලෝමීටර කණුව ආසන්නයේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇති තරුණයින් දෙදෙනා වයස අවුරුදු 19 හා 24 වයස්වල පසුවන්නෝ වෙති. ඔවුන් වදාකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

යතුරුපැදිය හා මෝටර් රථය එකිනෙක ගැටීමෙන් පසු වාහන දෙකම ගිනිගෙන ඇති බව පොලීසිය පවසයි.

තවමත් ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනයට තවමත් ඉඩ දී නැත. පොලිසිය පවසන්නේ මේ පුද්ගලයන් මාර්ගයට ඇතුළු වී ඇත්තෙ අනවසරයෙන් බවය.

අනතුර සිදුවන විට මෝටර් රථයේ 5 දෙනෙක් ගමන්කරමින් සිට ඇත. ඔවුන්ගෙන් 02ක් අත් අඩංගුවට ගෙන ඇති අතර අනෙක් තිදෙනා පලා ගොස් ඇත. පලාගිය පුද්ගලයන් සොයා පොලිසිය පර්යෙෂණ අරඹා තිබේ.


Exit mobile version