ලොක්ඩවුන් නිසා දවසකට සුරාබදු කෝටි 60ක් අහිමි වෙයි ! ඔන්ලයින් එවිය හැකිදැයි බලයි

liquor

සංචරණ සීමා පවතින දිනවල දී දිනකට රජයට අහිමිවන ආදායම රුපියල් කෝටි 60 ක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මත්පැන් නිවෙස් වෙත බෙදාහැරීම සඳහා අවසර ඉල්ලා සුපිරි වෙළඳසැල්, ඔන්ලයින් භාණ්ඩ බෙදාහැරීමේ ආයතන මගින් ඉල්ලීම් රැසක් ලැබී ඇත එම දෙපාර්තමේන්තුව කීය.

මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම සහ එය සිදු කළ යුතු සහ අධීක්ෂණය කළ යුතු ආකාරය පිළිබඳව මේ වන විට සහ බලමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව ඉදිරියේ දී එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කිරීම පිළිබඳව තවමත් සාකච්ඡා කෙරෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පැවසීය.

Exit mobile version