මත්ද්‍රව්‍ය ජාවාරමේ මූල්‍ය කළමනාකරුවෙක් අත් අඩංගුවට…

ඩුබායි සිට මෙහෙයවන ලදැයි පැවසෙන හෙරොයින් ජාවාරමක ගනුදෙනු කළමනාකරණය කළ  තිස් හැවිරිදි පුද්ගලයෙක්  මහනුවර කොට්ටාස අපාරාධ විමර්ශන ඒකකය මගින්  අත් අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් මිලි ග්‍රෑම් දෙක්ක ලඟ තබාගෙන සිටිය දි අත් අඩංගුවට පත්  මහනුවර පොලිස් පරීක්ෂකවරුන්ගේ භෝජනාගාරයේ කම්කරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ  මෙම පුද්ගලයා ගැන මූලික අනාවරණය කරගෙන තිබිණි.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වන  මෙම පුද්ගලයාගේ  බැංකු ගිණුමෙහි රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් කෙටි කලක් තුළ සංසරණය වී ඇති බවද මේ අතර පොලිසිය අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව අධිකරණ නියෝග මත   අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරමින් ඇති අතර හෙරොයින් මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන්ගේ මුදල් බැංකු ගිණුමට තැන්පත් කර ගැනීම පමණක් ඔහුගේ රාජකාරිය බවට අනාවරණය වී තිබේ.


ඒ වෙනුවෙන් මෙම ජාවාරමේ ප්‍රධානියා විසින් මොහුට කොමිස් මුදලක් ලබා දෙන අතර  ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය එය බවද මේ වන විට අනාවරණය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ උපදෙස් පිට පොලිසිය වැඩි දුර විමර්ශන පවත්වයි.

 

Exit mobile version