මත්කුඩු වරදකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් බන්ධනාගාර රෝහල තුළ ගෙල වැල ලාගෙන මිය යයි…

suicide

සුමිත් පොතුපිටිය –

හෙරෝයින් මත්කුඩු සන්තකයේ තබාගැනිම වරදක් සම්බන්දයෙන් ඊයේ (18)   රක්ෂිත බන්ධනාගාර ගතකළ පුද්ගලයකු අද   බන්ධනාගාර රෝහල තුළ  ගෙලවැලලාගෙන මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ කළුතර උතුර , ජනරජ නිවාසහි   පදිංචිව සිටි සඳුන් අබේසේකර නැමැති 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

සැකකරු සන්තකයේ හෙරෝයින් මත්කුඩු මිලිග්රැම් 5140 ක් තබාගැනිමේ වරදට අත්අඩංගුවට ගෙන ඊයේ දින සිට දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිට ඇති අතර, බන්ධනාගාර රෝහල තුළදී ගෙලවැලලාගෙන මියගොස්  ඇති බව පොලිසිය පවසයි .

මෘතදේහය පශ්චාද් මරණ පරීක්ෂණය සදහා කළුතර ශීක්ෂණ රෝහලේ තැන්පත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version