මතක තබා ගන්න… දරුවන් එන්නත් කර නෑ… රටේ ඉරණම තීන්දු කරන සති අන්තය ගැන පී.එච්.අයි. මහත්වරු කියති…

කීර්ති ප්‍රනාන්දු –

දීර්ඝ සති අන්තයේ මහජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද සඳහා අනුගත නොවුනොත් එළඹෙන නත්තල් සමයේ  රට වසා  දැමීමකට මෙන්ම  දැනට විවෘත කරන ලද පාසල් නැවත වසා දැමීමට ලක් වීමේ අවදානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ  පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම දීර්ඝ සති අන්තය ගත කිරීම සඳහා අති විශාල ජනතාවක් මෙය වන විට බොහෝ දුර බැහැර ප්‍රදේශ වලට එක්වී සිටින බවට සිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වාර්තා මගින් දැනගන්නට ඇති බවයි.

“සති අන්තය ගත කිරීම සඳහා විශාල ජනතාවක් විනෝද චාරිකා සඳහා යන බව පේනවා. ඒ වගේම තවත් පිරිසක් සති අන්තය ගත කිරීම සඳහා නොයෙක් ප්‍රදේශවලට ගමන් කරන බව පේනවා. මේ වෙනකොට අපට වාර්තා වෙනවා මෙසේ ගිය පිරිස් සෞඛ්‍ය උපදෙස් නොසලකා හරිමින් කටයුතු කරමින් සිටින බව. ඒ වගේම වැව් ආශ්‍රිත ප්‍රදේශවල දියනාමින් විනෝද වෙමින් සිටින බව. “


“ මේ වෙනකොට ලංකාවේ  ප්‍රදේශ රැසකින් කොරෝනා රෝගීන් විශාල ලෙස වාර්තා වෙමින් තිබෙනවා. ඒ කියන්නේ නැවත රටපුරා කොරෝනා රෝගය පැතිර යාමේ අවදානමක් ඇති බවයි. ඒ නිසා  මෙසේ අනාරක්ෂිත ලෙස සංචාරය කරන පිරිස්  කොරෝනා වෛරසයට ගොදුරු වීමේ අවදානමක් විශාල ලෙස තියෙනවා. “

“ඒ නිසා සෞඛ්‍ය මාර්ග උපදෙස් ඉතා දැඩිව පිලිපදින්න ඒ සියලු දෙනා සිතට ගත යුතුයි. එසේ නොමැති වුවහොත් ඉදිරි නත්තල් සමය රට සම්පූර්ණයෙන්ම වසා දැමීමටත් මේ වන විට ආරම්භ කර ඇති පාසල් නැවත වසා දැමීමටත්  සිදුවෙයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාවගේ හැසිරීම ඉදිරියේ රට වසා දමනවා ද පාසල් වසා දමනවා ද යන්න තීරණය කරනු ඇතැයි උපුල් රෝහණ මහතා පවසයි.

Exit mobile version