මණ්ඩපම් කඳවුරේ ශ්‍රී ලාංකිකයන් හමුවන්න ගිය ටී.එන්.ඒ මන්ත්‍රී නිර්මලානාදන් ගේට්ටුව ළඟටවත් නොගෙන හරවා යවලා!

දිනසේන රතුගමගේ

දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් ඊයේ (02) ඉන්දියාවේ තමිල්නාඩු මණ්ඩපම් සරණාගත කදවුරට යාමට ගිය අවස්ථාවේදී ඉන්දීය බලධාරීන් ඔහුව  ආපසු  හරවා යවා ඇත.

මන්ත්‍රීවරයා  මණ්ඩපම් සරණාගත කඳවුරට ගොස් ඇත්තේ දැනට එහි රැඳී සිටින ශ්‍රී ලංකා දෙමළ සරණාගතයින් ලක්ෂයකට වැඩි පිරිසක් හමු වී ඔවුන්ගේ සුව දුක් විමසා බැලීමටත් එම කඳවුරේම විශේෂ කොටසක  දැඩි රැකවරණය යටතේ රදවා සිටින සරණාගතයින් 83 දෙනා හමු වීම පිණිසත්ය.

මණ්ඩපම් සරණාගත කදවුරේ විශේෂ කොටසක රඳවා ඇත්තේ  මත්ද්‍රව්‍ය හා වෙනත් චෝදනා සම්බන්ධයෙන්  අත් අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණය මගින් නිදහස්  කොට ඇති ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්  83කි.

මෙම කොටසේ 105 දෙනෙකු රදවා සිටි අතර ඔවුන් විසින් දියත් කරණ ලද අඛණ්ඩ උපවාසයකින් පසුව ඉන් 22 ක් නිදහස් කොට මණ්ඩපම් සරණාගත කදවුරේ සාමාන්‍ය කොටසේ යළි  රඳවා සිටිති.


මන්ත්‍රීවරයා එම පිරිස් සමග සාකච්ඡා කිරීමටත් කඳවුරේ සිටින සරණාගතයින්   ආපසු උතුරේ යළි පදිංචියට පැමිණීමට කැමැත්තක් දක්වන්නේදැයි දැන ගැනීම සඳහාත්  මණ්ඩපම් සරණාගත .කදවුරට ගොස් තිබේ.

මන්ත්‍රීවරයාට මණ්ඩපම් සරණාගත කඳවුරේ ප්‍රධාන ගේට්ටුව වෙත හෝ යාමට අවසර ලබා දී නොමැති අතර කඳවුර බාර නිලධාරීන් පවසා ඇත්තේ ඉන්දීය රජයේ නිසි අවසරයක් නොමැතිව මන්ත්‍රීවරයාට කඳවුර තුළට යාමට ඉඩ ලබාදිය නොහැකි බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවේදී මන්ත්‍රීවරයා තමිල්නාඩු බලධාරීන් කීප දෙනෙකු සමග කතා කොට ඇතත් ඔහුට ඊට අවසරයක් හිමි නොවීම නිසා   ආපසු හැරී ගොස් තිබේ.

Exit mobile version