“මගේ සඳ සොරා නොගන්න“… බුකර් සම්මාන ලාභී ශෙහාන් පාඨක ප්‍රජාවට ආයාචනා කරයි…

මෙවර බුකර් සම්මානය දිනා ගත් ශ්‍රී ලාංකික ලේඛක ශෙහාන් කරුණාතිලකගේ The Seven Moons of Maali Almeida කෘතියේ මෘදු පිටපතක් අන්තර්ජාලය තුළ සැරිසැරීම සම්බන්ධයෙන්, මෙම අන්තර්ජාතික සම්මානයට පත් ලේඛකයා පාඨක ප්‍රජාවගෙන් ආයාචනයක් කරයි.

වසර හතක් තුළ ගණන් කළ නොහැකි පර්යේෂණාවලියක යෙදෙමින්  දැඩි ආයාසයකින් යුතුව නිර්මාණය කළ මෙම කෘතියේ    නිල නොවන මෘදු පිටපතක් තමා වෙත ලැබුණහොත් එය වෙන අයෙක් සමග බෙදා ගැනීමෙන් වළකින ලෙස කතුවර ශෙහාන් කරුණාතිලක සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තව ද ලංකාවේ කලාවට අවංකව ම ආදර ගෞරවයක් දක්වන අයෙක් වෙත්නම් කෘතිය මිල දී ගෙන ම කියවන ලෙස ද ඔහු ඉල්ලීමක් කරයි.

Exit mobile version