මගේ ජීවිතය මරණීය අනතුරක… හිටපු ජනපති චන්ද්‍රිකා පොලිස්පතිට ලිඛිතව දන්වයි

පොලිස් ආරක්ෂාව සහිතව තිබුණු හොරගොල්ල වලව්ව බිඳ නීති විරෝධීව බලහත්කාරයෙන් ඇතුළු වී ගේ ඇතුළේ සෑම තැනකම ඇවිද, විවිධ දේ බලා, ආපසු තබා, කිසිම දෙයක් සොරකම් නොකර, පිටව ගිය පුද්ගලයන් කණ්ඩායමක් නිසා තමන්ගේ ජීවිතයට භයානක අනතුරක්  ඇති වීමේ අවදානමක් ගැන සැකයක් මතුව ඇතැයි   හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

හිටපු ජනාධිපතිනිය මේ සම්බන්ධව පොලිස්පතිවරයාට යලි ලියා දන්වන්නේ පසුගිය මාර්තු 10 දාය.

ඇය එම ලිපියේ සඳහන් කරන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පෙර මෙවැනිම සිදුවීමක් වූ බවත්, එම යුගයේ ඝාතනය වූ පුද්ගලයන් ගණනාවක්ම ජීවිතක්ෂයට පත්වන්නට පෙර මෙවැනි සැක සහිත හැසිරීම් වාර්තා වූ බවත්ය.


සිද්ධිය පිළිබඳ පැමිණිලි කළ වහාම නිට්ටඹුව පොලිසිය, සී.සී.ඩී ය, පොලිස් නිල සුනඛ ඒකකය, ඇඟිලි සලකුණු අංශය  ඇතුළු සියලු කණ්ඩායම් පැමිණ පරීක්ෂණ පවත්වා සති 07ක් ගතවී ඇතත් මේ වනතුරුත් තමන්ට පිළිගත හැකි සාධනීය පිළිතුරක් ලැබී නැති බව ඇය එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කරයි.

මේ පරීක්ෂණයේ ඇති දුර්වලතා පෙන්වා ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සී.අයි.ඩි. ය සම්බන්ධ කරගන්නා ලෙස කළ ඉල්ලීමට අනුව පොලිස්පතිවරයා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට දන්වා සති දෙකක් ගතවුවත් තවම එය සිදුවී නොමැති බව ඇය පවසයි.

මෙම සිදුවීම ක්‍රියාත්මක වී ඇති ආකරය අනුව විස්තරාත්මක විග්‍රහයක් කරන විට මෙය තමන්ගේ ජීවිතයට භායනක අනතුරක් ඇති කිරීමට පෙරහුරුවක් යැයි සැකයක් පවතින බව හිටපු ජනාධිපතිනිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල පහත දැක්වේ.

Exit mobile version