“මගේ අධ්‍යාත්මික නායකයා මහින්ද“…. වාසු කියයි! අද වාසුට 83යි..

තමන්ගේ අධ්‍යාත්මික නායකයා මහින්ද රාජපක්ෂ බව ලංකාවේ පැරණිම වාමාංශික නායකයෙක්  මෙන්ම නව සම සමාජ පක්ෂයේ නායකයා වූ ජලසම්පත් ඇමති   වාසුදේව නානායක්කාර කීවේය.

සිය අසූ තුන්වෙනි උපන්දිනය යෙදෙන් අද (03) දවසේ ඇමතිවරයා මේ බව කීවේ නව වසරේ සිය ධුරයේ රාජකාරි අරඹමිනි.

ඔහු කීවේ මෙසේය.


“අගමැති තුමා තමා අපේ අධ්‍යාත්මික නායකයා. එතුමාගේ රූපය එතුමාගේ චරිතය එතුමාගේ රැස් කදම්භය අපට හැමදාම මගපෙන්වනවා.  එතුමා අපට අනාගතයට පෙන්වලා දෙනවා. “

සමහරු කළකිරී තනතුරු අත්හැර යන බව කියනවා නොවේදැයි මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට ඇමතිවරයා  පිළිතුර දුන්නේ මෙසේය.

“ඔය එහෙම කිව්වට කවුරුවත්  යන්නෙ නෑ… බලන්නකො යනවද  කියලා. වැඩේ ඉක්මන් කරගන්න එහෙම කරන්නෙ.“

මේ පොලිම් මාසයක් තුළ නැතිවන බව කී ඇමතිවරයා එවිට සියල්ල හරි යැයි කීවේය.  ජනතාව ගැන දුක හිතුනත් පෝලිමේ ඉන්න මිනිස්සුන්ගේ ගෑස් සිලින්ඩරය උස්සාගෙන ඉන්න බැරි බවත් ඇමතිවරයා පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද 83 හැවිරිදි උපන්දිනය සමරන වාසුදේව නානායක්කාර ඇමතිවරයා ඉපදුනේ 1939 ජනවාරි මස 03 දා ය.

 

Exit mobile version