මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීම  චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කටඋත්තර ලබා ගැනීමට අද (14) සවස 2.20 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට ගෙන්වා තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමකට අනුව එහි පැමිණි  හිටපු අමාත්‍ය මංගල සමරවී මහතාව පුරා පැය පහක් තිස්සේ දීර්ඝ ප්‍රශ්න කිරීමටක ලක් කළේය.   අනතුරුව නැවත ප්‍රශ්න කිරීම සඳහා ලබන අඟහරුවාදා (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට නියෝග කෙරිනි.

මංගල සමරවීර සහ රිෂාඩ් බදියුදීන් යන හිටපු ඇමතිවරුන් දෙදෙනා නුදුරේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ඇතැයි පොලිස් තොරතුරු නොබෝ දිනකට පෙර  අනාවරණය කළේය.


ඉකුත් ජනාධිපතිවරණ සමයේදී පුත්තලමේ අවතැන් ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සදහා මන්නාරමට රැගෙන යාමට ආණ්ඩුවේ මුදල් වියදම් කළේ යැයි චෝදනා එල්ලකරමින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

ලංගම බස් රථ 222ක නන්වා කෝටියට ආසන්න මුදලක් ගෙවමින් පුත්තලමේ ජනතාව මන්නාරමට රැගෙන යාමට කටයුතු කර ඇති අතර මුදල් ගෙවා ඇත්තේ රිෂාඩ් බදියුදීන් ඇමතිධුරය දැරූ වෙළඳ හා සමූපාකාර අමාත්‍යාංශය යටතේ පැවැති සතොස ආයතනය හරහාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාගෙන් මෙයට පෙර   ප්‍රශ්න කර තිබිණි. එහිදී  හෙළි වී ඇත්තේ  මෙම මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ අනුමැතියෙන් ගෙවා ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මැතිවරණ සමයකදී එසේ රජයේ මුදල් භාවිතා කරමින්  ඇමතිවරයෙකුට සිය පාක්ෂිකයන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රැගෙන යාම නීති විරෝධි මෙන්ම රජයේ මුදල් අවභාවිතා කිරීමක් මෙන්ම මැතිවරණ නීතිය යටතේද වැරදි ක්‍රියාවක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අදහසය.  මෙම  විමර්ශන අවසන් අදියරේ තිබෙන බවත්,   දැන් ඇත්තේ වැරදිකරුවන්ව අත්අඩංගුවට  ගැනීම පමණක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙක් නොබෝ දිනකට පෙර පැවසුවේය.

Exit mobile version