භූමදානයට අවසර නුදුන් නිසා පේරාදෙණිය රෝහලේ දමා ගිය කොවිඩ් සිරුර ආදාහනයට…

භූමදානය සඳහා අවසර ලබා නුදුන් හෙයින් ඥාතීන් විසින් පේරාදෙණිය මහ රෝහලෙ අත් හැර දමා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයාගේ මල සිරුර පුරා දින 04ක් රෝහලෙ අධිශීතකරණ සහිත මෘතශරීරාගාරයේ තැන්පත් කර තැබීමෙන් අනතුරුව මහයියාව අදාහානාගාරයේ දී අද රාත්‍රී 7ට රජයේ වියදමින් ආදාහනය කිරීමට තීරණය කර තිබේ

මෙම මරණය වාර්තා වූයේ මහනුවර මුල්ම කොවිඩ් මරණය ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ ඥාතීන් විිසින් භාර නොගෙන දින ගණනක් තිස්සේ රජයේ රෝහල්වල මෘතශරීරාගාරයන්හි ගොඩ ගැසී ඇති මල සිරුරු රජයේ වියදමින් ආදාහනය කරන ලෙද ජනාධිපති ගොඨාභය රාජපක්ෂ ඊයේ (1) නියෝග කළේය.


 

Exit mobile version