භික්ෂූන්වහන්සේ නමක් ඇතුළු කොවිඩ් මරණ 05ක සිරුරු කරාපිටියේ….

cOVID-DETH

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරය වෙත පශ්චාත් මරණ පරික්ෂණ සඳහා යොමුකොට තිබු මෘතදේහයන් 05කට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට   තහවුරුවි ඇති බැව් ගාල්ල කරාපිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

කොවිඩ් ආසාදිත මෘතදේහයන් අතර භික්ෂුවහන්සේ නමකගේ මෘත දේහයක් තිබෙන බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මියගිය හිමිනම  කිරිබත්ගොඩ, කොහුල්වල ගංගාරම විහාරස්ථානයේ වැඩ සිටි හිමිනමක් බවද වාර්තාවේ. උන්වහන්සේ  ශල්‍යකර්මයක් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍තිථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත.  හිමිනම 73 හැවිරිදිවියේ පසුවු හිමිනමකි. 

මියගිය අය අතර දෙවට ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්  හා  අහංගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදිවියේ පසුවන අයෙකු,  නියාගම තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදිවියේ පසුවන අයෙකු සහ  මාතර පදිංචි 46 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු සිටින බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා රෝහලේ කොවිඩ්  රෝගින් සදහා වෙන්කොට ඇති 46 වාට්ටුවේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා දැඩි සත්කාර ඒකකයේ පුතිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණ අද (10) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ  දි පැවැත්විමට නියමිතව ඇත.

Exit mobile version