භික්ෂු වේශ ධාරියා හෙරොයින් ග්‍රෑම් 9ක් සමග පොලිස් අත්අඩංගුවට

වාරියපොල හලාවත පාර නාවින්න මාර්ගයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී හෙරොයින් ග්‍රෑම් 09ක් සමග    චීවර ධාරියෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. ඔහු කටුපොත, දමණුව අලංකාර සුමනසාර විහාරයේ භික්ෂුවක් ලෙස ජිවත්වෙමින් සිට ඇත.

මෙම චීවරධාරියා සමග තවත් දෙදෙනෙක් අත්අඩංගුවට පත් වී තිබේ.

මෙම භික්ෂු වේශ ධාරියාගේ හැසිරිම සම්බන්ධව ගම්වැසියන් විටින් විට පොලිසියට පැමිණිලි කර තිබිණි.


ඒ ඔස්සේ පරීක්ෂණ මෙහයවූ පොලිසිය මේ තැනැත්තාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් කරද්දී ඔහු විටෙක ගිහියෙක් ලෙසත්, විටෙක භික්ෂුවක් ලෙසත් ද්විත්ව රංගනයක යෙදී සිටි ආකාරය හෙළිදරව් වී ඇත.

 

 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් භික්‍ෂුව

Exit mobile version