ආණ්ඩුවට ඇති භාණ්ඩාගාර බිල්පත් බර ට්‍රිලියනය පන්නයි

ශ්‍රී ලංකාවේ මහ බැංකුව විසින් දරනු ලබන භාණ්ඩාගාර බිල්පත් වටිනාකම ඉතිහාසයේ පළමු වරට රුපියල් බිලියන 1,135.5 (ට්‍රිලියන 1.13) ක් කරා ළඟා වී ඇත. ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් සහ කූපනයක් නැවත ගෙවීමෙන් පසුව මෙම තත්ත්වය පෙන්නුම් කළ අතර එයින් තවදුරටත් ශ්‍රි ලංකාවේ විදේශ සංචිත පහළ යාමේ අවදානමක් පෙන්නුම් කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

භාණ්ඩාගාර බිල් වටිනාකම රුපියල් බිලියන 922 සිට ඉහත අගය කරා ළඟා වී ඇති බව ඔහුවුහු පෙන්වා දෙති.

මෙම බිල්පත්වලට අමතරව මහ බැංකුව තවත් රුපියල් බිලියන 198.2 ක් ‘තාවකාලික අත්තිකාරම්’ මගින් ලබාගෙන ඇති අතර එය පොලී රහිත මුද්‍රිත මුදල් අයිරා පහසුකමකි.එනම් විශ්ලේශකයන් දකින්නේ රුපියල් බිලියන 198.2ක් මුද්‍රණය කිරීමක් ලෙසටය


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දුනීසියාවේ මහ බැංකුව වන නෙගරා බැංකුව ඇතුළු බරපතල විදේශ විනිමය ගැටලුවලින් පීඩා විඳින මහ බැංකු කිහිපයකම මෙවැනිම ප්‍රතිපාදන දක්නට ලැබෙන බව මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයන්ගේ මතයයි.

Exit mobile version