රු. බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුව සදහා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ අනුමැතිය

parliament

දේශීය භාණ්ඩාර බිල්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත රු බිලියන 1000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සදහා වන යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඊයේ (21) හිමිවිය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර පවතින කොවිඩ් 19 තත්ත්වය හමුවේ සෞඛ්‍ය රෙගුලාසිවලට අනුගත වෙමින් එම රැස්වීම සදහා රාජ්‍ය නිලධාරීන් මාර්ගස්ථ ක්‍රමවේදයට (Online) අනුව සම්බන්ධ කරගැනීම සිදුවිය.

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන ඩිලාන් පෙරේරා, මුජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, අනුප පැස්කුවල් , මහාචාර්ය රංජිත් බණ්ඩාර, නලින් ප්‍රනාන්දු සහ ඉසුරු දොඩංගොඩ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ සහ භාණ්ඩාගාර ලේකම් එස් .ආර් ආටිගල මහතා ප්‍රකාශ කර සිටියේ දැනට පවතින සීමාව වන රු. බිලියන 2000 ක අගය රු. බිලියන 3000 දක්වා වැඩිකිරීමට මෙමගින් අපේක්ෂා කරන බවයි. එසේම එම මුදල ඉදිරි මාස 06 තුළ වියදම් කරන බව ඉන් අදහස් නොවන බවත් පාර්ලිමේන්තුව අනුමත කළ ණය ගැනීමේ සීමාව තුළ මේ සියල්ල කළමණාකරණය කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version