බෝගස්වැව සපුමල්ගස්කඩ පුරාණ භූමියේ විහාරය ඉදිකිරීමට ටී.එන්.ඒ විරෝධය පාති.

දිනසේන රතුගමගේ –

අනුරාධපුර යුගයට අයත් පුරාණ නටබුන් සහිත බෞද්ධ පුරාවිද්‍යා භූමියක ආවාසයක් ඉදිකර බෞද්ධ භික්ෂුවක් පදිංචි වීම පිළිබඳව මුලතිව් දිස්ත්‍රික් ටී.එන්.ඒ මන්ත්‍රීවරු දැඩි විරෝධතාවය ප්‍රකාශ කරති. 

ඔවුන් කියා සිටින්නේ වවුනියාවේ දෙමළ ජනතාවට අයත් බෝගස්වැව කැළෑබද ප්‍රදේශයක  සපුමල්ගස්කඩ  විහාරය නමින් නව බෞද්ධ විහාරස්ථානයක් ඉදි කරන බවත්,  ඒ සම්බන්ධයෙන් තමන් විරෝධතාවය පල කරන බවත්ය.

මුලතිව් දිස්ත්‍රික්කයෙන් උතුරු පළාත් සභාවට තේරී පත් ව සිටි ටී.රවිහරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මේ ප්‍රදේශය ද්‍රවිඩ ජනතාව කච්චල්සමලන්කුලම් ලෙස හඳුන්වන ප්‍රදේශය බවයි.


කච්චල්සමලන්කුලම වැව යටතේ දෙමළ ජනතාවට කුඹුරු පවා ලබා දී තිබියදී බෞද්ධයින් නොමැති පළාතක භික්ෂූන් වහන්සේ පැමිණ බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානය විරුද්ධත්වය පලකරණ බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කරයි.

මේ විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේ තවත් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ආරක්ෂක නිලධාරීන් යොදවාගෙන ගඩොල් කපන බවත් එම  ගඩොල් පිලිස්සීම සඳහා කැළය විනාශ කරමින් දැව කපන බවත් කියා සිටින රවිහරන් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා භික්ෂුව හා ආරක්ෂක නිලධාරීන් කපා   ඇත්තේ ගඩොල් පිලිස්සීමට අවශ්‍ය දැව වර්ග නොව වටිනා දැව වර්ග බවටද චෝදනා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබදව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ද නිහඬව සිටින නමුත් මේ පළාතේ කැලයට හා ඉඩම් වලට විශාල හානියක් සිදුවන බවද රවිහරන්  පෙන්වා දෙයි.

Exit mobile version