බෝගම්බර බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ 181කට කොවිඩ්…  

මහනුවර බොගම්බර පැර්ණි බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවූවන් 181 දෙනෙකුට කොවිඩ්-19 වෛරය ආසාදනය වී තිබෙන බව අද වාර්තා විය.

මේ අනුව මෙම බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවූවන් 363 දෙනෙකු මේවන විට  කොවිඩ් වෛරසයට ගොදුරු  වී තිබේ.

බන්ධනාගරයේ ප්‍රධාන ජේලර්වරයාටද පසුගිය සති අන්තයේ කොවිඩ් වෛරසය අසාදනය වී තිබෙන බව අනාවරණය විය. මේ වනවිට  ඔහු ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය කොවිඩ් රෝහලට යොමුකර ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදිත රැඳවූවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ. බෝගම්බර පැරණි බන්ධනාගාරයේ මේවන විට 300 ක පමණ පිරිසක් රඳවා තිබෙන බව වාර්තා වෙයි.

Exit mobile version