බෝගම්බර බන්ධනාගාරයෙන් පනින් ගොස් මිය ගිය අය ඇතුළු 3ක් කොවිඩ් ආසාදිතයන්….

බෝගම්බර බන්ධනාගාරයෙන් පළාගොස් මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සැඟව සිටියදී සොයා ගන්නා ලද රැඳවියාටද කෝවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව පී.සී.ආර් පරීක්ෂණයෙන් තහවුරුව තිබෙන බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ කීය.

බන්ධනාගාරයෙන් පසුගිය 18 දින අලුයම පස් දෙනෙකු පළා යෑමට තැත්කළ අතර ඉන් මියගිය පුද්ගලයාද ඇතුළු තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව මේවන විට තහවුරුව තිබේ.

මේ අනුව බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් අතරින් කොවිඩ් ආසාදිත බවට හඳුන්වා ගත් සමස්තය 168 කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බන්ධනාගාරයෙන් පළාගොස් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සැඟව සිටි පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කණ්ඩායම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම කටයුත්ත සිදුකළ බැවින් ඔවුන්ට වෛරසය ශරීරගත වීමේ අවදානමක් නොමැති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීය.

Exit mobile version