බොලිවුඩ් සුපිරි නළු සලමන් ඛාන් ඝාතන තැතක් හෙළි වෙයි…

බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී ගොස්  ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය මාධ්‍යය  වාර්තා කර තිබුණේ    සල්මන්ගේ  ඝාතනය ඔහුගේ නිවස ආසන්නයේ දී  සිදුකිරීමට ඝාතකයින් විසින් සැලසුම්කර තිබූ බවය.

සලමන් ඛාන්ට සහ ඔහුගේ පියා වූ  සිනමා රචක සලීම් ඛාන් වෙත පසුගිය බ්‍රහස්පතින්දා  මරණීය තර්ජන එල්ල කර තිබුණු    වික්‍රම් බ්‍රා නැමැත්තා සිය       පාතාල සගයාවන  ලෝරන්ස් බිස්නෝයිගේ මැර කල්ලිය හරහා මෙම ඝාතනය සිදුකිරීමට කටයුතු කළ බව   හෙළි වී තිබේ.

ලොර්න්ස් බිස්නෝයි… සලමන් ඛාන් ඝාතන කොන්ත්‍රාත්තුව ගත් පාතාල නායකයා ( වමේ)

පාතාල නායක ලොරන්ස් බිස්නොයි  කල්ලියට  සිදුහත් මුස්වාලා ඝාතන නඩුවේ සැකය බැර වී තිබේ. මේ වනවිට බිස්නෝයි  ඉන්නේ සිරගතවය. එහෙත් ඔහු බන්ධනාගාරයේ සිට සිය පාතාල  කල්ලිය මෙහෙයවන්නේය.  මෙම පාතාලයන්    සලමන් ඛාන් ඝාතනය සඳහා  හොකී පිත්තක් තුළ සැඟවූ නවීකරණය කළ ගිනි අවියක් සහිතව කුලී ඝාතකයෙක් සලමන්ගේ නිවස අසල රඳවා තිබී ඇත.


මෙම පාතාල  කල්ලිය  සලමන් ඛාන්ගේ හැසිරීම දීර්ඝ වශයෙන් නිරීක්ෂණය කර තිබුණේ යැයි වාර්තා වේ.  පාතාලයන් විසින් යෙදවූ  කුළි ඝාතකයා සලමන්   සිය නිවස අවට ප්‍රදේශයේ    ආරක්ෂකයෙක් රහිතව    පැදියකින් යන බව  දැනගෙන සිට ඇත.

ඝාතන සැලසුම  ක්‍රියාත්මක වී ඇත්තේ සලමන් ඛාන් උත්සවයක් සඳහා සිය නිවසින් පිටවී යෑමට සූදානම්ව සිටිය දීය.  එහෙත්  මේ  අවස්ථාවේ දී ම ආරක්ෂක අංශ  ප්‍රදේශයට පොලිස් නිලධාරියෙක්  යොමු කර තිබේ. ඒ දැකීමත් සමගම   නිවසින් පිට සිටි කුලී ඝාතකයා තමන් කොටුවේ යැයි බියෙන් අවසන් මොහොතේ සැලසුම වෙනස් කර ස්ථානයෙන් ඉවත් වී ඇත.

පාතාල කල්ලියට මෙම කොන්ත්‍රාත්තුව ලබා දුන්  වික්‍රම් බ්‍රා මේ වනවිට විදෙස් ගතව සිටින බවත් ඔහුට එරෙහිව ඉන්දියාවේ ප්‍රන්ත කීපයක  අපරාධ නඩු  දුසිම්  ගණනක් තිබෙන බවත්  ඉන්දීය මාධ්‍ය කියයි.

කෙසේ වෙතත් සලමන් ඛාන්ට ලොර්න්ස්  බිෂ්නෝයිගේ මැර කල්ලිය විසින් මරණීය තර්ජන එල්ල කර ඇති බවට වූ පූර්ව තොරතුරු මත මුබ්බායි පොලිසිය සලමන් ජීවත්වන   බන්ද්‍රා බටහිර ප්‍රදේශයේ පිහිටි ගැලැක්සි නිවාස  සංකීර්ණය වෙත විශේෂ ආරක්ෂාවක් යොදවා තිබී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ෂ 1998 දී  සලමන් ඛාන් සික් ජාතිකයින්ගේ පූජනීය සත්ත්වයෙක්  දඩයම් කිරීමේ චෝදනා එල්ල වීමත් සමග ඔහුව මරා දමන බව ලෝරන්ස් බිෂ්නෝයි කල්ලිය ප්‍රතිඥා දී තිබිණි.

 

Exit mobile version