බොරැල්ල දේවස්ථානයට බෝම්බ තැබූ සිද්ධිය ගැන පරීක්ෂණ විශේෂ පොලිස් කණ්ඩායමක් යටතට!

කාදිනල් හිමිපාණන්  විසින් සිදුකළ හෙළි දරව්වට අනුව අත්අඩංගුවට ගත් බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ තැබූ පුද්ගලයා සම්බන්ධව කරන විමර්ශන  කොළඹ අපරාධ කොට්ඨාසයෙන් ඉවත් කර බස්නාහිර ඉහළම පොලිස් ප්‍රධානියෙක් යටතේ  ඍජුවම ක්‍රියාත්මකවන විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත පවරා ඇතැයි පොලිස් ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම තැනැත්තා ඇඹිලිපිටිය දානයකට සහභාගී වෙමින් සිටිය දී  රාජ්‍ය බුද්ධි අංශය විසින් ලබා දුන් තොරතුරක් අනුව අත්අඩංගුවට ගනු ලබන්නේත් මෙම පොලිස් කණ්ඩායම විසින් බව වාර්තා වේ.

මේ වනවිට සිදුකර ඇති මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ කඩවත මංකඩ පාරේ පදිංචි වී සිටි මෙම පුද්ගලයා  154 අඟුලාන බස් රථයකින් බොරැල්ලට පැමිණ මෙම බෝම්බය තබා  පලා ගොස්  ඇත්තේ රුපියල් පනස් දහසක කොන්ත්‍රාත්තුවකට බවය.


ඉදිරි විමර්ශන සිදුවෙමින් පවතී.

වැඩිදුර කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිටපත වැරදුනා ද ?

Exit mobile version