බොරැල්ලෙන් කතරගම ගිය චාරිකා බස් එක අතරමගදී හරවා එවයි

බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේ වැසියන් පිරිසක් සමග ඊයේ දක්ශින අදිවේගී මාර්ගය හරහා කතරගම දක්වා ගමන් ගත් චාරිකා බස් රථයක් මගීන් පනස් එක් දෙනෙකු සමග මත්තල පිටවීමේ ස්ථානයේදී පොලිස් භාරයට ගෙන ආපසු බොරැල්ල වෙත හරවා එවා ඇති බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී කතරගම බලා පිටත් වූ මෙම පිරිස අතර වනාතමුල්ල හුදෙකලා කරන ලද ප්‍රදේශයක පුද්ගලයකු ද එම ගමනට එක්ව සිටීම නිසා ඒ පිළිබඳව පොලිසියේ 119 අංකයට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව බොරැල්ල පොලිසිය සහ අධිවේගී මාර්ගයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් වූ සම්බන්ධීකරණය මගින් මෙම බස් රථය මත්තල දී නවත්වා තිබේ.

ඊට හේතු වී ඇත්තේ අදාල හුදෙකලා කරන ලද ප්‍රදේශයක පුද්ගලයෙකු මෙම ගමනට එක්ව සිටීමයි.


මෙම චාරිකාව තම හිතවතුන් උදෙසා වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ බොරැල්ල ප්‍රදේශයේ මාළු සමන් නැමැති මත්කුඩු ජාවාරම්කරුවකු විසින් බවට අනාවරණය වී ඇත.

මෙම බස් රථය සඳහා දිනකට රුපියල් 50,000 බැගින් ගෙවා මෙම චාරිකාවට යොදාගෙන ඇති අතර චරිකාව පුරා සියලුම නවාතැන් ආහාර පාන නොමිලේ සපයනු ලබන්නේ ඉහත කී පුද්ගලයා විසින් බව පැවසේ.

මෙම බස් රථය මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථයක් බව ද සඳහන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පිරිස ඊයේ රාත්‍රීයේම නැවත පළල ප්‍රදේශයට රැගෙන ආ අතර ඔවුන්ට අද දිනය තුළ PCR පරීක්ෂණ සිදුකර නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙන බව පොලීසිය පවසයි.

Exit mobile version