ත්රීකුණාමලය – සමන් මල්ලවආරච්චි –
ත්රීකුණාමලය නිලාවේලි පාරේ පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ ඉදි කිරීම් නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාරවරයා විසින් ත්රීකුණාමලය ප්රාදේශීය ලේකම්වරයාට කරන ලද නියෝගය වහා හකුලා ගන්නා ලෙස ඉල්ලීමට ත්රීකුණාමලය ගෝකණ්න පුර සුරකීමේ සංවිධානය අද ත්රීකුණාමලය දිස්ත්රික් ලේකම්වරයා හමුවීමට පැමිණි අවස්ථාවේ එම ස්ථානයේ උණුසුම්කාරි තත්වයක් උද්ගත විය.
ඒ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට ත්රීකුණාමලය දිස්ත්රික් ලේකම් කාර්යාලයට ඇතුළුවීම වළක්වමින් ගේට්ටුව වසා දැමීම හේතුවෙනි.
පසුව භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස ත්රීකුණාමලය මහනුවර ප්රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවේ නිරතවීම නිසා උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. මෙම හේතුව මත ත්රීකුණාමලය මහනුවර මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා පැමිණියේය.
පසුව මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට භික්ෂූන් වහන්සේලා පිරිසකට ආරාධනා ලැබුණු අතර, එම සාකච්ඡාව සඳහා ආණ්ඩුකාරවරයා සහ ත්රීකුණාමලය ප්රාදේශීය ලේකම්වරයා ද සහභාගි කර ගැනීමට දිස්ත්රික් ලේකම්වරයා කටයුතු කළේය.
මේ වන විට සාකච්ඡාය පැවැවෙමින් පවතින අතර, ත්රීකුණාමලය මහනුවර මාර්ගය අවහිර කරමින් පැවැත්වෙන විරෝධතාවද ක්රියාත්මක වෙමින් පවතී.