බොරතෙල් නැව 13 එනවා… භුමිතෙල් 19 සිට දෙනවා ! – බලශක්ති ඇමති

බොරතෙල් නෞකාවක් ලබන මස 13 වැනිදා ශ්‍රි ලංකාවට ළඟා වීමට නියමිත බැවින් අඩුම තරමින් අගෝස්තු මස 15 වැනිදා වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් එ අනුව ලබන 19 වැනිදා සිට අඛණ්ඩව භූමිතෙල් සැපයීමට බලාපොරොත්තු වන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (10) පාර්ලිමෙන්තුවේදී පැවසීය.

කෙසේ වුවද රුපියල් 87ක සහන මිලට එම තෙල් සැපයිය නොහැකි බවත් අනිවාර්යයෙන්ම මේ සඳහා මිල සංශෝධනයක් සිදු වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා විශේෂයෙන් ධීවර වැවිලි ඇතුළු කර්මාන්ත සඳහා භූමිතෙල් දැඩි අවශ්‍යතාවක් පවතින බවත් පසුගිය කාලයේද ඔවුන්ට සහනාධාර මත ලබා දුන් භූමිතෙල් වංචනික ලෙස පෞද්ගලික බස් රථවලට ඩීසල් සමඟ මිශ්‍ර කොට භාවිත කිරීමට විශාල වශයෙන් යොදාගෙන ඇති බවත් අමාත්‍යවරයා එහිදී අනාවරණය කළේය.

“ බොරතෙල් නෞකාව 13 වැනිදා වරායට පැමිණීමට නියමිතයි. එ අනුව අඩුම තරමින් සපුගස්කන්ද ක්‍රියාත්මක කොට භූමිතෙල් නිෂ්පාදනය ආරම්භ වීමට දින දෙකක් වැය වේවි.“


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ අනුව ජනාධිපතිතුමා සමඟත් අපි සාකච්ඡා කරල ඉදිරියේදි අගොස්තු මස 19 වැනිදා සිට මෙම භූමිතෙල් සැපයීමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.“

Exit mobile version