ලලිත් චාමින්ද –
ශ්රී ලංකාවට අයත් බහුදින ධීවර යාත්රාවක් මාලදියින මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් මාලදිවයින ආරක්ෂක අංශ අත් අඩංගුවට පත් වී තිබේ.
මෙසේ අත් අඩංගුවට පත් වී ඇත්තේ ධීවර කාර්මිකයින් 07 දෙනෙක් සහිතව ඉකුත් 12 දා බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත් වී ගිය සමන් පුතා 1 බහුදින ධීවර යාත්රාවය.
මෙම බහුදින ධීවර යාත්රාව – සට්ටම්බිරාළලාගේ සමන් ප්රියංකර පෙරේරා නැමැති මෝදර වත්ත බලපිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් එකකි.
මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සමන් පුතා 1 ධීවර යාත්රාව මුදාගැනීම සඳහා ඉකුත් 17දා ධීවර යාත්රාවේ අයිතිකරු තවත් අයෙකු සමග එම ධීවර යාත්රාව මුදාගැනීමේ කටයුතු සදහා මාලදිවයිනට ගොස් ඇත .
මාලදිවයින් මැතිවරණය කටයුතුවලින් පසුව ධීවර යාත්රාව නිදහස් කිරීම් සිදුකරන බව පවසා ඇති බවත් එම හේතුවෙන් ඔවුන් දෙදෙනා අද අළුයම මෙරට පැමිණ ඇති බවත් වාර්තා වේ.