බෙහෙතක් කරගන්න බැරි තරම්  ආර්ථික පීඩනය නිසා මවක් ආබාධිත දරු දෙදෙනා සමග සිය දිවි නසා ගැනීම සඳහා වගා ළිඳකට පැනලා…

රටේ ඇති දුගී ගමක් වූ කැබිතිගොල්ලෑව කණුගහවැව ගමේ මවක් සිය අබාධිත දරු දෙදෙනා සමග නිවස අසල ඇති  ළිඳකට පැන සිය දිවි නසාගැනීමට කළ උත්සාහයක් පිළිබඳ වාර්තා වේ.

පවතින දරිද්‍රතාවය නිසා  දරුවන් දෙදෙනාට ප්‍රතිකාර කරගැනීමට නොහැකි වීම සහ කාලයක් තිස්සේ මෙම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමග කාලය ගතකිරීම නිසා ඇතිවූ මානසික පීඩනය මෙම සිය දිවි නසා ගැනීමේ උත්සාහයට හේතු වන්නට ඇතැයි විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබේ.

මෙම දරු දෙදෙනාගෙන් එක් දරුවෙක් දෑත් දෙපා පණ නැති රෝදපුටුවකට සීමා වූ දරුවෙක් වන අතර ඔහු 21 හැවිරිදි වියේ පසුවේ. මවට වයස අවුරුදු 28කි.  09 හැවිරිදි අනෙක් දරුවා පූර්ණ ශ්‍රවනාබාධිත දරුවෙකි.

මව විසින් මුලින්ම රෝදපුටුවෙන් පූර්ණ ආබාධිත දරුවා රැගෙන ගොස් ඔහුව ලිඳට විසිකර 09 හැවිරිදි දරුවා රැගෙන ගොස් ඔහුව ළිඳට දමා ඇයද ළිඳට පැන තිබේ.


පූර්ණ ආබාධිත තරුණයා ඒ අවස්ථාවේම මිය ගොස් ඇති අතර මව සහ බාල දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වව්නියාව රෝහල වෙත මාරුකර යවා ඇත.

මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව කනුගහවැව ගමේ  පදිංචි සුනිල් ශාන්තගේ රවිදු මිහිරංග නැමැති විසි එක් හැවිරිදි තරුණයකි.

මේ දරුවන්ගේ පියා සිවිල් ආරක්ෂක භටයෙකි. ඔහු අලුයම රාජකාරියට ගොස්    උදේ දහයට පමණ නිවසට පැමිණි අවස්ථාවේ දී නිවසේ කිසිවෙක් නැති බව දැක සොයා බලද්දී අබාධිත පූර්ණ ආබාධිත දරුවා පාවෙමින් සිටින බවත්  අනෙක් දරුවා සහ මව ළිං ගැට්ටේ ගලක එල්ලී සිටින ආකාරයත්   දැක අසල් වැසියන් සමග ඔවුන්  ගොඩගෙන රෝහල්ගත කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැබිතිගොල්ලෑව පොලිසිය  සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.

Exit mobile version