බෙහෙත් ටික රෝහලින් නිවසට ගෙනියන්න බැරි ආණ්ඩුව බේබද්දන්ට පැය 24න් අරක්කු අදිනවා…

විලි ලජ්ජයි.. සියලු ආගමික නායකයින්ගෙන් මීට එරෙහි වන ලෙස ඉල්ලනවා.. GMOA කියයි..

Arrack

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගොවියන්ගේ එළවලු අලෙවිකර ගැනීම සදහා යාන්ත්‍රණයක් සකස් කිරිමට නොහැකි වූ ආණ්ඩුව, රෝගීන්ගේ ඖෂධ ටික රෝහලින් නිවසට ගෙන ගොස් දීමට නොහැකි වූ ආණ්ඩුවට මත්පැන් පානය කරන පුද්ගලයින්ට එය නිවසටම ගෙන විත් දීමේ යාන්ත්‍රණයක් පැය 24ක් ගත වීමටත් පෙර සැකසීමට හැකි වීම ලැජ්ජාසහගත යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

සංචරණ සීමාවන් මත හෝ මත්පැන් අලෙවිසල් වසා තැබීමෙන් මතට ඇබ්බැහි වූවන් අසීරුවෙන් හෝ තමන්ගේ ඇබ්බැහිවීම යටපත්කරගෙන සිටින මොහොතකදී ඔවුන්ට නිවසටම මත්පැන් ගෙනවිත් දීමට යාන්ත්‍රණයක් සෑදීමට විරෝධය පළ කරමින් එක්රැස්වෙන්නැයි සියලුම ආගමික නායකයින්ගේ සංගමය විශේෂ ඉල්ලිමක්ද කරයි.

යළිත් මත්පැන් පානය කිරීමෙ පෙර පරිදි රටතුළ සිදුවන්නේ නම් කොවිඩ් පාලනය කර ගැනීම වෙනුවට සිදුවන්නේ කොවිඩ් තව තවත් පැතිරීම යැයි සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පෙන්වාදේ.

මත්පැන් භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 23000ක් දෙනා මිය යන අතර දිනකට මිය යන පුද්ගල සංඛ්‍යාව 63ක් යැයි ඔහු සඳහන් කරයි.

කොවිඩ් හේතුවෙන් මේ වන විට දිනකට පුද්ගලයින් 60 දෙනෙකු මිය යන අතර දිනකට පුද්ගලයින් 100ට අදික පිරිසක් මියයෑම සිදුවෙන බවත් ඔහු පෙන්වාදේ.

මත්පැන් පානය හේතුවෙන් මාර්ග අනතුරු වැඩිවීම, නිවෙස්තුල හිංසනය ඉහළ යාම වැලැක්විය නොහැකි බවද වෛද්‍ය කොළඹගේ පෙන්වාදේ.

Exit mobile version