අපේ ජන බලපක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළ 05ක් බෙලිඅත්තේ දී වෙඩි තබා මරා දමයි…

බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත පාලම අසලදී    අපේ ජන බල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු  පුද්ගලයින් 05 දෙනෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ. 

අතුරලියේ රතන හිමියන් නියෝජනය කරන පක්ෂය අපේ ජන බල පක්ෂය වන අතර එහි නායකයා සමන් පෙරේරාය.

මෙම වෙඩි තැබීම සිද්ධ වන්නේ අද උදේ 8.30 සහ 8.40 අතර  කාලය තුළය.   සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක ගමන් කරමින් සිටි සමන් පෙරේරා  ඇතුළු  05 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත. එම වෙඩි තැබීමෙන්  සමන් පෙරේරා ඇතුළු   පුද්ගලයින් 05 දෙනාම ඝාතනය  වී තිබේ.

සමන් පෙරේරාට එරෙහිව පුද්ගල ඝාතන සිද්ධියක් සම්බන්ධව හම්බන්තොට උසාවියේ නඩුවක් තිබි ඇති අතර  අද එම නඩු කටයුත්ත සඳහා පෙනී සිටීමට ඔහු පැමිණ තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බෙලිඅත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version