බෙල්ලන පොලිස් ආරක්ෂාව යටතේ සේවයට එයි… බෙල්ලනට විරුද්ධව සුළු සේවකයෝ රාජකාරියෙන් ඉවත් වෙති!

ශ්‍රියානි විජේසිංහ –                                          

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන   අද (5) පොලිස් ආරක්ෂාවත් සහිතව සිය රාජකාරියට පැමිණ ඇතැයි වාර්තාවේ.

පොලිස් ආරක්ෂාව සහිතව සිය නිල කාමරය තුළ   රාජකාරි කටයුතු ආරම්භ කිරිමත් සමඟ එයට විරෝධය පල කරමින් රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිය කැමැත්තෙන්ම සේවයෙන් බැහැරව සිය විරෝධය පල කරමින් මේ වන විට රෝහල් භූමිය තුළ නිහඩ විරෝධතාවකට එක්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 

රෝහලේ අත්‍යවශ්‍ය සේවාවන් සිදුකිරිම සඳහා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් කීපදෙනෙකු කළුපටි පැළඳ රෝගී සත්කාර සේවාවන්ගේ යෙදී සිටින බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍ය බෙල්ලන ජාතික රෝහලෙන් ඉවත් කරන තෙක් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිය විරෝධය පල කරමින් සේවයෙන් බැහැරව සිටීමට පියවර ගන්නා බවට රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ.


Exit mobile version