බෙල්ලනට ජාතික රෝහලේ කුඩ්ඩන් ගැන තොරතුරු දීලා තියෙන්නෙත් හොඳම කුඩ්ඩෙක්… ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය

ශ්‍රියානි විජේසිංහ  –                                               

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට රෝහල් කනිෂ්ට  කාර්යමණ්ඩලයේ සේවකයින්ගේ තොරතුරු ලබා දුන් පුද්ගලයාද දැඩිලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයෙක් බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය සදහන් කරයි.

මෙම පුද්ගලයා ජාතික රෝහලේ සේවය කරමින් සිටියදී කාන්තාවන්ට  සිදුකල ලිංගික අඩත්තේට්ම් හේතුවෙන් අධිකරණයේ නඩු  පවරා වැරදිකරුවෙකු වී සිටින අයෙක් බවත් මේ වන විට   ඔහු සෞඛ්‍ය අමාත්‍යංහයේ සෞඛ්‍ය කාර්ය සහයෙකු ලෙස සේවය කරන බවත් සංගමයේ ප්‍රධාන ලේකම්  ඩබ්. රෝයි ද මෙල්  පැවසුවේය.

පසුගිය දිනක විද්‍යුත් මාධ්‍යක් හරහා රෝහල් කනිෂ්ට සේවකයෙකු මත්ද්‍රව්‍ය භාවිතාකරන අයුරු දැක්වෙන් විඩියෝවක් ප්‍රචාරය කරමින් එම සේවකයා ජාතික රෝහලේ බව සඳහන් කළද එම පුද්ගලයා හා එම දර්ශන රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවූවක් යැයිද ඔහු පෙන්වාදේ.

ජාකිත රෝහල තුළ සුලු සේවකයින් 3000ක් පමණ සේවයේ නියුතුව සිටින අතර ඉන් සියයට 3 – 4 දෙනා විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන අතර එම පුද්ගලයින් කවුදැයි හඳුනාගෙන ඔවුන්ව අල්ලා ගැනීමට කටයුතු කරනවා වෙනුවට සමස්ත කනිෂ්ට කාර්ය මණ්ඩලයට විවේචන කිරීම අසාධාරණයක් යැයිද හෙතෙම පෙන්වාදේ.


කෙසේ නමුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ට තොරතුරු ලබාදෙන මෙම පුද්ගලයා අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවෙකු බව ඔහුද දන්නා බවත්  පුද්ගලයා නොව ඔහු ලබාදෙන තොරතුරු පමණක් වැදගත් වන්නේ යැය වෛද්‍ය බෙල්ලන පවසා ඇතැයි ද  ලේකම්වරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තාවකාලිකව සෞඛ්‍ය අමාත්‍යංශයට මාරුකර ඇත. 

Exit mobile version