බූරු මූණා මානසික රෝගියෙක්?…

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාතාලයේ සැඟවුන වෙඩික්කරුවෙක් ලෙස හඳුනාගෙන සිටි රවිඳු වර්ණ රංග හෙවත් බූරු මූණා ඊයේ (22) කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය කියයි.

ඉකුත් 20 දා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත සැකකරු ඉදිරිපත් කිරීමේ දී තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බව බූරු මූණා පැවසීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශය මත සැකකරු මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ.

විනාඩි 20කට ආසන්න කාලයක් සැකකරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයා ඔහු දැනට ලබා ගන්නා ඖෂධ ඒ ආකාරයෙන්ම ලබා ගන්නා ලෙස නිර්දේශ කර තිබේ.

සැකකරු මේ වනවිට නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ  පොලිස් ස්ථානයක විශේෂ ආරක්ෂාව සහිත සිර මැදිරියක් තුළ රඳවා ඇතැයි  පොලිසිය කියයි.


බස්නාහිර පළාත්  දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

 

Exit mobile version