බුර්කා තහනම ආපු ගමන් ගිය හේතුව හෙළිවෙයි

බුර්කාව තහනම් කිරීම සම්බන්ධව කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ බවට පසුගියදා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළ ද එය පසුගිය කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට නොගැනීමට හේතුව ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ඒ පිළිබඳව ඇතිවූ විරෝධතා සහ සංවාදමය තත්ත්වයක් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

බුර්කාව තහනම් කිරීම මෙම අවස්ථාවේදී සිදු කිරීම තුළින් මුස්ලිම් රටවල සහය ජිනීවා හිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේ ඉදිරිපත් වන ශ්‍රි ලංකාවට එරෙහි යෝජනාවලියේ දී ලබා ගැනීමට නොහැකි වීම සඳහා එය හේතුවක් වනු ඇති බවට රජයේ ඉහළ පෙලේ කීප දෙනෙකු අතර සාකච්ඡා වී තිබේ.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් එම තහනම පිළිබඳ තවදුරටත් සංවාදයට ලක් කිරීමටත් ඒ පිළිබඳ අදහස ඉදිරියේ දී ඉදිරිපත් කිරීමටත් යෝජනා වූ බව ආරංචිඑම ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම තත්ත්වයට බලපා ඇති එක් හේතුවක් වූයේ පකිස්තානයේ ශ්‍රී මහකොමසාරිස්වරයා ට්විටර් පණිවිඩයක් මගින් බුර්කාව තහනම් කිරීමට එරෙහිව අදහස් පළ කිරීමයි.

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ සහය, ජිනීවාහි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනාවලිය හමුවේ මුස්ලිම් රටවල් දිනාගැනීමට ලබා ගැනීම සඳහා සාකච්ඡා වූ බවට මත පළවිය.

එවැනි තත්ත්වයක් තුළ අනවශ්‍ය රාජතාන්ත්‍රික ගැටුම් ඇතිවීම වැළැක්වීමට මෙසේ බුර්කා තහනම නැවතත් හකුලා ගැනීමට කටයුතු යෙදුණු බව සඳහන් වෙයි.

එසේම මෙම තහනම පිළිබඳව කැබිනට් අනුමැතිය ලැබෙන්නට පෙර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයා පිළිබඳ අමාත්‍යවරයා මෙය තමන් අත්සන් කළ බවට ප්‍රකාශ කිරීම අමාත්‍යවරුන් අතර විවේචනයට ලක්ව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සාමාන්‍යයෙන් සම්ප්‍රදාය වන්නේ කැබිනට් අනුමැතිය ලද පසුව එය ප්‍රකාශයට පත් කිරීම පත් කිරීම වන අතර සරත් වීරසේකර අමාත්‍යවරයා තමන් අදාළ කැබිනට් පත්‍රිකාවට අත්සන් කළ බවට ලබා දුන් පූර්ව ප්‍රචාරය මෙම අනවශ්‍ය ගැටලු ඇතිකර වීමට හේතු වූ බව ඉහළ පෙළේ සාකච්ඡා වලදී සඳහන් වූ බවද වාර්තා වේ.

Exit mobile version