බුරවි කුණාටුව ගෙනා කිළිනොච්චියේ ගව වසංගතය පාලනය කළ නොහැකි තැනක…

දිනසේන රතුගමගේ –

බුරවි සුළි කුණාටුවෙන් පසු  කිළිනොච්චියේ ප්‍රදේශ කීපයක් පුරා පැතිර යන ගවයින් මියයාමේ වසංගතය මෙතෙක් පාලනය කිරීමට  පශු වෛද්‍ය නිලධාරීන්ට නොහැකි වීම නිසා 31 දා වන විට  මුළු පළාතේම ගවයින් 512 ක් මියගොස් තිබේ.

කිළිනොච්චියේ වැඩිම ගවයින් පිරිසක් මියගොස් ඇත්තේ කෝණාවිල් ප්‍රදේශයෙන් වන අතර එම සංඛ්‍යාව 387 කි.

බුරවි සුළි සුළගින් පසුව ඇතිවූ වර්ෂාවත් සමග පැතිර ගිය වෛරසයක් හේතුවෙන් ගවයින් මෙසේ මිය යන බවට සැකයක් පහළ වී ඇතත් එය විද්‍යානූකූලව මෙතෙක් සනාථ වී නොමැත.


ගවයින්ගේ උදරය ඉදිමී ආහාර ගැනීමට හෝ ජලය පානය කිරීමට නොහැකිව  ගවයින් බිම  ඇද වැටෙන අතර සේලයින් ලබා දෙන ගවයින්ගේද ජීවිත බේරා ගැනීමට නොහැකි බව කිළිනොච්චියේ ගව පට්ටි හිමියෝ පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පශු වෛද්‍ය නිලධාරීන් දේශපාලනඥයින් හා විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙකුම ගව පට්ටි වෙත පැමිණ ගවයින් නිරීක්ෂණය කොට ඇති අතර ගවයින් බේරා ගැනීම සඳහා ගත හැකි පියවර ගැන සාකච්ඡා කිරීමට විශේෂ සාකච්ඡාවක් 31 දා කිළිනොච්චිය පශු වෛද්‍ය කාර්යාලයේද පවත්වා තිබේ.

Exit mobile version