බුදු පිළිමයක් කැඩූ පුද්ගලයෙක් අත් අඩංගුවට

දිනසේන රතුගමගේ –

යාපනයේ කන්කසන්තුරේ කීරිමලේ නල්ලිනක්කපුරම් ප්‍රදේශයේ බුදු මැදුරක බුදු පිළිමය කඩා දැමූ පුද්ගලයෙකු කන්කසන්තුරේ පොලීසිය විසින් 2 දා අත් අඩංගුවට ගෙන තිබේ.

අදාල සැකකරු බුදු පිළිමය කඩනු දුටු නාවික හමුදාවේ පිරිසක් පොලීසියට ඒ බව දැණුම් දීමෙන් පසුව එම තරුණයාව අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොලීසියට පවසා ඇත්තේ තමන් පරණ යකඩ බඩු එකතු කරන්නෙකු බැවින් බුදු පිළිමයේ අති යකඩ ලබා ගැනිමට එය කඩා දැමූ බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරුව මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කන්කසන්තුරේ පොලීසිය පියවර ගෙන තිබේ.

Exit mobile version